ව්‍යාපාරිකයෙකුගෙන් කප්පම් ඉල්ලු 6ක් අත්අඩංගුවට


හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි දෙකක කප්පමක් ඉල්ලා එය නොගෙවීම නිසා වෙඩි තබා බිය ගැන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය සමත් වුණා.

විදේශ රටක පදිංචි පුද්ගලයෙකු කොස්ගම ප්‍රදේශයේ වාහන අලෙවිසැලක් පවත්වාගෙන යන අයෙකුගෙන් මෙම කප්පම් ඉල්ලීම සිදුකර ඇති අතර කප්පම් නොගෙවීම නිසා පිරිසක් යොදා ගනිමින් වාහන අලෙවිසැලට වෙඩි තැබීමට උත්සාහ කර පසුව හිමිකරුගේ නිවසට වෙඩි තබා බිය ගන්වා තිබෙනවා.

 



Recommended Articles