ව්‍යාපාරිකයෙක් වෙඩි තබා ඝාතනය කරයි


ගාල්ලේ රෙදි පිලි ව්‍යාපරිකයෙක් ඊයේ (23) රෑ වෙඩි තබා ඝාතනය කොට ඇතැයි ගාල්ල පොලීසිය කියයි.

මෙසේ ඝාතනය කොට ඇත්තේ ගාල්ල නගරයේ රෙදි පිළි වෙළද සලක් පවත්වා ගෙන යන ලලිත් වසන්ත මෙන්ඩිස් නමැත්තිකි. ඔහු පනස් හැවිරිදි අයෙකි.

සිය රෙදි පිළි වෙළද සල වසා දමා මෝටර් රථයෙන් සිය නිවස බලා යමින් සිටියදී ගාල්ල ඩික්ෂන් පාරේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය කියයි.

 නාදුනන තුවක්කුකරුවන්  එල්ල කරන ලද වෙඩි  පහර වලින් රියදුරු අසුනේම ඔහු මිය ගොස් සිටි බවත් ඔහුට වෙඩි තැබූවන් පලා ගොස් ඇති බවත් පොලීසිය කියයි.

ඝාතනයට නිශ්චිතම හේතුව මෙතෙක් අනාවරණය නොවූ බවද පොලීසිය කියයි. ගාල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles