ව්‍යාපාරික පවුලට වෙඩි තිබ්බේ කුරුඳු ඉඩමක සිටයි


අහුංගල්ල, ගල්වෙහෙර ප්‍ර දේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරික පවුලට වෙඩි තබා ඇත්තේ කුරුඳු ඉඩමක සැගවී සිටි පුද්ගලයෙක් ටී. 56 ගිනි අවියක් භාවිත කරමින් බව පොලීසිය කියයි.

ඊයේ පස්වරුවේ මෙම වෙඩි තැබීම සිදුව තිබුණ අතර තුවාල ලැබුවන් වන්නේ අවුරුදු 32ක් වන පුද්ගලයෙක්, අවුරුදු 27ක් වන කාන්තාවක් හා මාස 04ක් පමණ වන බිළිදෙකි.

මෙම යුවළ තම ව්‍යාපාරික ස්ථානයේ සිට යතුරු පැදියෙන් නිවස බලා ගන් කරමින් සිටයිදී මෙම වෙඩි තැබිම සිදුකර තිබේ.

සිද්ධියෙන් තුවාල ලැබූ පිරිමි පුද්ගලයා හා බිළිඳා වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.



Recommended Articles