ව්‍යාජ හැදුනුම්පත් ඇතුළු ලේඛන සකස් කළ ස්ථානයක් වටලයි


ව්‍යාජ හැඳුනුම්පත් සහ තවත් ලේඛන සකස් කළ ස්ථානයක් ඊයේ (25) පොලීසියට ලද තොරතුරකට අනුව වටලා තිබේ.

ඒ කිරිබත්ගොඩ වේවැල්දූව ප්‍රදේශයේදීය.

එම ස්ථානයේ සිටි එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාජ හැඳුනුම්පත් 5ක්, ව්‍යාජ රියදුරු බලපත්‍රයක්, මුද්‍රණ යන්ත්‍රයක් සහ කඩදාසි 90ක් ද සොයාගෙන ඇත.

පොලීසිය සඳහන් කළේ මෙම ස්ථානයේ විවිධ ලිපි ලේඛන සකස්කර ඇති බවට සාක්ෂි පවතින බවය.

 



Recommended Articles