ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට


කටුනායක ඇවරිවත්ත නගරයේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් මාරු කිරීමට තැත් කරමින් සිටි කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කටුනායක පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

ඇවරිවත්ත නගරයට පැමිණ , ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් ලබා දී භාණ්ඩ කීපයක් මිළදී ගැනීමට තැත් කරත් දී , එම ව්‍යාපාරිකයාට ඇති වු සැකය මත , මේ පිළිබඳව කටුනායක පොලීසිය දැනුවත් කර තිබේ .

වහාම ක්‍රියාත්මක වූ කටුනායක පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිස , එම ව්‍යාපාරික ස්ථානයට පැමිණ , මෙම මුදල් නෝට්ටුව පරීක්ෂා කර බලා , එය ව්‍යාජ මුදල් නෝට්ටුවක් බව තහවුරු වීමෙන් පසුව මෙම පුද්ගලයා අත් අඩංගුවට ගෙන තිබේ .

ඉන්පසුව වැඩිදුරටත් ඔහුව පරීක්ෂා කර බැලීමේදී , ඔහු හැද සිටි කොට කළිසමේ සාක්කු තුළ තිබී තවත් , ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටු 05 ක් ද සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබේ .

ඊට අමතරව 07/27 දින උදෑසන කටුනායක , ඇවරිවත්ත නගරයේ තවත් ව්‍යාපාරික ස්ථානයකට මොහු විසින් ලබා දී තිබූ තවත් , ව්‍යාජ රුපියල් 1,000 නෝට්ටුවක් ද පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

එසේම මොහු සතුව තිබූ පරිගණක මුද්‍රණ යන්ත්‍රයක් ද 07/27 දින පොලිස් නිලධාරීන් විසින් අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ .

මෙම ව්‍යාජ මුදල් නෝට්ටු තොගය තමන්ට පොළොන්නරුව ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් , කොළඹ දී ලැබුණ බව මොහු කටුනායක පොලීසියේ නිලධාරීන් හමුවේ මූලික විමර්ශන වලදී අනාවරණය කර තිබේ .

 



Recommended Articles