ව්‍යාජ නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට


රුපියල් දහසේ ව්‍යාජ හොර නෝට්ටු තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු රංගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

රංගල පොලීසියට ඊයේ (04) ලද තොරතුරකට අනුව රංගල පොලිස් වසමේ උඩවෙල හන්දිය ප්‍රදේශයේ නිවසක සිදු කළ සෝදිසියකදී රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු කිහිපයක් සමග පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ . ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ලද තොරතුරු වලට අනුව රංගල නගරයේ දී සිදුකළ විමර්ශනයකදී තවත් රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු 50 ක් සමඟ තවත් පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ .

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර  විමර්ශන සිදුකෙරෙන අතර ව්‍යාජ මුදල් නෝට්ටු තොගය සමග සැකකරුවන් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතය .

ෂේන් සෙනෙවිරත්න 



Recommended Articles