ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට


මොරටුව අගුලාන දෙවන පටුමග ප්‍රදේශයේ නිවසකදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක්  සමග මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලිස් ශිෂ්‍ය කාර්ය බලකා මූලස්ථාන කදවුර කියයි .

එම සැකකරු සමඟ මත්කුඩු මිලිග්‍රෑම් 1400 ක්,ජංගම දුරකථන තුනක් හා මුදල් ගනුදෙනු සම්බන්ධ බැංකු පොත් හතරක් පොලිසිය භාරයට ගෙන ඇත .

අත්අඩංගුවට ගත් සැකකරු මරක්කල මානගේ  පියංකර උදය කුමාර  නොහොත් මොරටු පියංකර නැමැති  පුද්ගලයා බව පොලිසිය කියයි

පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳුරේ විශේෂ මෙහෙයුම් අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුරටත් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී ඇත

 බිමල් ශ්‍යාමන් ජයසිංහ 



Recommended Articles