ව්‍යාජ ඔක්සි මීටර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට


අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී  සිදුකල වැටලීමකින් ජාති​ක ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්විම සඳහා අවසරය ලබා දී නොමැතිව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා PULSE වර්ගයේ ඔක්සි මීටර්  සන්තකයේ තබාගෙන සිටි කොට්ටාව, පොල්ගස්ඕවිට වයස අවුරුදු 40 ක පුද්ගලයකු විශේෂ කාර්ය බලක​ය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.



Recommended Articles