ව්‍යාජ 5000 නෝට්ටු 124ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට


යුද හමුදා බුද්ධි අංශයට ලැබුණ තොරතුක් අනුව අක්කරෙයිපත්තුව පොලිස් වසමේදි ව්‍යාජ 5000 මුදල් නෝට්ටු තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙහිදී රු 5000 ව්‍යාජ නෝට්ටු 124ක් සොයාගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මෙම මුදල් නෝට්ටු සමග සැකකරුවන් දෙදෙනෙක් හා මෝටර් රථයක් අත්අඩංගුවට ගෙන ඇති බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවැසීය.



Recommended Articles