පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රටේ ජනතාව හා රටට යහපත ගෙන ඒම සඳහා අවංක චේතනාවෙන් හා අධිශ්ධානයක් තිබේ නම් පවතින අර්බුදය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 3ක් ඇතුලත විසඳා ගත හැකි බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.
දේශපාලන නායකයින් මෙවැනි මොහොතක පක්ෂ පාට අත්හැර ජන ජීවිතය ගොඩනැගීම සඳහා ක්‍රියා කල යුතු බවත් ගුණවංශ හිමියන් සඳහන් කරයි.
රට මුහුණ දී ඇති ආරාජිකත්වට හා ආර්ථික අර්බුදය පිලිබඳව ජනාධිපති, අගමැති, විපක්ෂ නායක මෙන්ම සියලු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් වෙත විශේෂ සංදේශයක් නිකුත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර සිටියි.