අද සිට ඉදිරි දින කිහිපයේදී, දිවයියේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට
හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
අද දිනයේදී බස්නාහිර හා සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව එම දෙපාර්තමේන්තුව අද පෙරවරුවේ නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
ඌව, මධ්‍යම හා නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව හා මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 න් පසුව තැනින් තැන වැසි හෝ
ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

