වහාම පාර්ලිමේන්තුව කැඳවන්නැයි නාමල්ගෙන් ඉල්ලීමක්


වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස අග්‍රාමාත්‍යවරියගෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.

ස්ථාවර නියෝග 16 යටතේ ඊට ප්‍රතිපාදන තිබෙන බව ද එහි සඳහන් කර තිබේ.

ආපදා තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳ පුළුල් ලෙස සාකච්ඡා කර ඒ සඳහා විසඳුම් සෙවීම සිදු කළ යුතු බව ද එහි සඳහන් කර ඇත. 



Recommended Articles