වහාම පාර්ලිමේන්තුව කැඳවන්නයි කථානායක ජනපතිගෙන් ඉල්ලයි


රට මේ වන විට පත්ව ඇති අරාජික තත්ත්වයට විසඳුම් සෙවීම වෙනුවෙන් වහාම පාර්ලිමේන්තුව කැඳවිමට පියවර ගන්නැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තුව නැවතත් කැඳවීමට නියමිතව ඇත්තේ ලබන 17 වැනිදායි. 

පසුගිය දින කිහිපය තුළ පාර්ලිමේන්තුව අවස්ථා කිහිපයකදී රැස්වුවත් වත්මන් ගැටලු සඳහා විසඳුම් ලබාදීමට මන්ත්‍රීවරුන් අපොහොසත්විය. මෙයද ජනතාව අතර ප්‍රෙකා්පකාරී බව ඉහළ යෑමට අදාළ කරුණක් විය.

 

 



Recommended Articles