වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි


සූර්ය බල සංග්‍රාමය වැඩසටහන යටතේ  ඉකුත් වර්ෂයේ දි  (2025)  මෙගාවොට් 550ක  වහලමත සවිකරණු ලබන සූර්ය පැනල  පද්ධති ස්ථාපනය කර එමගින්  නව පාරිභෝගිකයින් 12700ක් සදහා  සම්බන්දතා ලබා දි ඇති බැව්  ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පවසයි.

 එය නියමිත වාර්ෂික ඉලක්කය  දෙගුණයකටත් වඩා  ඉක්මවායාමක් බව සුනිත්‍ය බලශක්ති අධිකාරිය පෙන්වාදෙයි. වාර්ෂික ඉලක්කය මෙගාවොට් 180කි. මේවනවිට  වහලමත සවිකරණු ලැබු  සූර්ය පැනලවල  සමුච්චිත ධාරිතාවය  මෙගාවොට් 1966කි. එය  පාරිභෝගිකයින් 124,017කට සෘජුවම  ප්‍රතිලාභ ලබාදෙන බවද සුනිත්‍ය බලශක්ති අධිකාරිය  පවසයි.

 ඉකුත් වර්ෂය තුල ශ්‍රිලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින්  සූර්ය බලශක්ති සමාගම් 49ක් ලියාපදිංචිකොට ඇත.

 

 



Recommended Articles