වහල මත සවි කර ඇති සූර්ය පැනලවලින් ජනනය වන විදුලිය පසුගිය කාලයේදී විශාල වර්ධනයක් පෙන්නුම් කර ඇති බවත් ඒ අනුව මේ වන විට වහළ මත සවි කර ඇති සූර්ය පැනලවලින් මෙගාවොට් 2,500ක පමණ ප්‍රමාණයක් ජනනය වන බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවැසුවේය.
එසේම 2027 -2029 කාලය තුළදී සූර්ය බලයෙන්, සුළඟින් සහ බැටරි බලයෙන් මෙගාවොට් 2,700කට අධික ප්‍රමාණයක් පද්ධතියට එක් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසුවේය.
එම කාලය තුළ සූර්ය බලයෙන් මෙගාවොට් 1,392ක්, සුළං බලයෙන් මෙගාවොට් 370ක් සහ බැටරි බලයෙන් මෙගාවොට් 1,000ක් පද්ධතියට එකතු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉරිදා සහ නිවාඩු දිනවලදී අතිරික්ත විදුලි ජනනයක් සිදුවන බව අමාත්‍යවරයා පැවැසුවේය. විදුලි බල පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහා යම් අවස්ථාවලදී සූර්ය බලයෙන් උත්පාදනය වන විදුලියේ යම් සීමා කිරීම් සිදු කිරීමටද සිදුවන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

