වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදි වෙඩි වැදිමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට


පොළොන්නරුව වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළදි ඊයේ රාත්‍රියේ වෙඩි වැදිමකින් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය සඳහන් කරයි.

පොලොන්නරුව කලහගල පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස මිය ගොස් ඇති බවයි සඳහන් වන්නේ.

පුද්ගලයින් දෙදෙනකු සමඟ තුවක්කුවක් රැගෙන වස්ගමුව ජාතික වනෝද්‍යානය තුළට දඩයම් කිරිමට ගොස් ඇති බවත් ඒහිදි අතේ තිබුණු තුවක්කුව පත්තු වි මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.



Recommended Articles