මෙම වසරේ මුල් දින 100 තුළ අලි ඇතුන් 56 ක් විවිධ හේතුන් නිසා මරණයට පත්වී ඇති බවත් වෙඩි තැබීම් මගින් 20 ක් අනවසර විදුලි රැුහැන් වලින් 12 ක් දුම්රිය අනතුරුවලින් 10 ක් හක්කපටස් මගින් 09 ක් සහ දියේ ගිලී 05 ක් වන අතර අලි ඇතුන් පහර දීමෙන් මිනිස් ජීවිත 19 ක් මරණයට පත්වී ඇති බව ශ‍්‍රී ලංකා වන අලි සංරක්ෂණ සංසදයේ සභාපති සාරංග දේව ද අල්විස් මහතා අද (30දා) කුරුණෑගලදී පැවසීය.
අලි මිනිස් ගැටුම නිමා කරමින් අලි මිනිස් සහජීවනය ඇති කිරීම උදෙසා අත්සන් ලක්ෂයක් ලබා ගැනීමේ අරමුණින් කොළඹ කොටුව, මහනුවර, ගම්පහ, කැළණිය, හොරණ, ගාල්ල, සහ යාපනය කුරුණෑගල ආදී ප‍්‍රධාන නගරවලදී අත්සන් ලබාගත් අතර 70000 කට අධික අත්සන් මේ වන විට ලැබී ඇති බවත් අනුරාධපුර නගරයේදී අගෝස්තු 08 සහ 09 දිනවලදී අත්සන් ලබා ගැනීිමට කටයුතු කරන බවත් අත්සන් ලක්ෂය සම්පූර්ණ වූ පසු ජනාධිපති තුමාට භාරදිමට කටයුතු කරන බව සාරංග දේව ද අල්විස් මහතා පැවසීය.
අවිධිමත් සංවර්ධන ක‍්‍රියාවලි හරහා ද පටු දේශපාලින තිීන්දු තීරණ නිසාද දිනෙන් දින වන අලි සහ මිනිස් ගැටුම් උච්ඡුතම අවස්ථාවට පැමිණ ඇති අතර පරිසර සමතුලිතතාවයට සහ රටේ ආර්ථිකයට අලි ඇතුන්ගෙන් සිදුවන මෙහෙය අති විශාල බවත් 2025 වසරේ මාස 6 ක් තුළ අලි ඇතුන් සහ අනෙකුත් වන සතුන් නිසා රටට ලැබුණු ආදායම රුපියල් මිලියන 2075 ක් බවත් එම ආදායම ලැබී ඇත්තේ උඩවලව මිලියන 720 ක් , යාල මිලියන 900 ක් අනෙකුත් වන උද්‍යානවලින් මිලියන 225 පමණ බව වෙනත් වන අලි සංරක්ෂණ සංසදයේ සභාපති සාරංග දේව ද අල්විස් මහතා වැඩි දුරටත් පැවසීය.
ජනූර් කිචිලාන්