වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගින් 7896ක්


කොළඹ දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇතැයි, සෞඛ්‍ය අංශ පවසයි.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ, මෙම මාසයේ පළමු සතිය තුළ ඩෙංගු රෝගීන් 88 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

වසරේ ගත වූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 7896 කි.

ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය අප්‍රේල් මාසයේදී වන අතර එම සංඛ්‍යාව 1860 කි.

 



Recommended Articles