වසරේ ඉදිරි කාලසීමාව වෙනුවෙන් නව අයවැයක්


වසරේ ඉදිරි මාස කිහිපය සඳහා වන අලුත් අයවැයක් ඉදිරිපත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ 10 නියෝජිතයන් සමග පැවැති සාකච්ඡාවේදී සඳහන් කර තිබේ.

ඒ අනුව එය නුදුරු දිනයකදීම ප්‍රකාශයට පත්කරන බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවැසීය.

"වර්තමාන තත්ත්වය ඇගයීමට ලක්කර අලුත් අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා කියලා අගමැතිතුමා කිව්වා. ඒ අනුව මේ වසරේ දෙසැම්බර් දක්වා වූ කාලය සඳහා වන වැඩසටහන අයවැයක් ලෙසින් නුදුරු කාලයේදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා කියලා අගමැතිතුමා කිව්වා"

 



Recommended Articles