වසරක කාලයක් සදහා අද සිට ලුණු මිල පහත​ට


ඉදිරි වසරක කාලයක් සඳහා අද සිට ලුණු මිල පහත හෙලීමට වෙළද අමාත්‍යාංශයේ කටයුතු කර තිබේ.

ඒ අනුව කැට ලුණු කිලෝ ග්‍රෑමයක් රුපියල් 43කට සහ කුඩු ලුණු ග්‍රෑම් 400ක් රුපියල් 35කටත් සතොස හරහා අද සිට පාරිභෝගිකයාට නිකුත් කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය .

එම අමාත්‍යාංශයේ දී අද (01ද) මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම පෙන්වා දුන්නේ එක්ස්ප්‍රස්පර්ල් නෞකාවේ ගින්න හේතුවෙන් ලුණු  හිඟයක් මවා පෑමට ඇතැමුන් උත්සාහ දරන බවයි.

ඒ අනුව එය වැලැක්වීමට රජය කටයුතු කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය .



Recommended Articles