වසර 50ක කරුණානිධි හා ජයලලිතා ආධිපත්‍ය සුණුවිසුණු කරමින් විජේ තමිල්නාඩු මැතිවරණය දිනයි


දෙමළ සිනමාවේ ඉහළම නළුවෙකු වන සී. ජෝසප් විජේගේ නව තමිලගා වෙට්‍රි කසාගම් (TVK) තමිල්නාඩු මැතිවරණයජය ගනිමින් තමිල්නාඩුවේ බල පෙරළියක් කිරීමට සඳුදා සමත්විය. ආසන 234 ආසන 108ක ජය ඔහු ලබා ගැනීමට සමත්විය.

කෙසේ වෙතත් බහුතරය ආසන 118කි. දෙවැනි ස්ථානයේ පසුවන වත්මන් මහ ඇමති ස්ටාලින් කරුණානිධිගේ පක්ෂය වන ඩි.එම්.කේට ලබා ගත හැකි වූයේ ආසන 73ක් පමණි. තමිල්නාඩු දේශපාලනයේ තවත් ප්‍රධානම පක්ෂයක් වූ අභාවප්‍රාප්තවූ හිටපු මහඇමතිනියක වන ජයලලිතා ජයරාම්ගේ පක්ෂය වන AIADMKට ලබාගත හැකිවූයේ ආසන 53ක් පමණි.

මේ අනුව කරුණානිධි හා ජයලලිතා එක්ව වසර 50කට ආසන්න කාලයක් තමිල්නාඩුවේ පවත්වාගෙන ගිය දේශපාලන ආධිපත්‍ය විජේගේ පක්ෂය විසින් ඉතාමත් කෙටිකාලයකදී සුණු විසුණු කර දැමීමට සමත්විය. 17 වැනි තමිල්නාඩු මහ මැතිවරණය මෙවර පවත්වනු ලැබිය. තමිල්නාඩුවේ දේශපාලනය සෑම විටම ලංකාවට වඩාත් වැදගත් වෙයි.



Recommended Articles