වසර 23ක සේවයෙන් පසු ලංකාවට සමුදෙන ශ්‍රී ලංකන් ගුවන් යානය


වසර 23 ක සේවයෙන් පසුව යළිත් ප්‍රංශය වෙත භාර දීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ඒ.- 330 - 200 පළමු ගුවන් යානය සූදානම් කර තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙම ගුවන් යානා ඒවා නිෂ්පාදනය කරන ප්‍රංශයේ එයා බස් සමාගමෙන් ලීසිං පදනම මත ලබා ගෙන තිබේ.

මෙම ගුවන් යානය ඒ.300 - 200 කාණ්ඩය යටතේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලබා ගෙන ඇති පළමු ගුවන් යානයයි.

මෙම ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 18 ක් සහ පිරිමැසුම්දායක පංතියේ ආසන 251 ක් තිබේ.

මෙම යානය ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් ලන්ඩන් හීත්‍ , ජර්මනියේ ෆ්‍රෑන්ක්පර්ට්, ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්, රුසියාවේ මොස්කව් වැනි දිගු දුර ගමනාන්ත වෙත සේවය සදහා යොදවා තිබූ අතර මේ වනවිට මෙම ගුවන් යානය පියාසර පැය ලක්ෂයක් සම්පූර්ණ කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවා ප්‍රකාශකවරයෙකු පැවසීය.

කටුනායක ගුවන් තොටුපොළ වෙත එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේ මෙම ගුවන් යානය ද කටුනායක ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ අතර, එම ප්‍රහාරයෙන් එහි නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානා 06 ක් ප්‍රහාරයට ලක් වත් දී , මෙම ගුවන් යානය එම ප්‍රහාරයෙන් බේරී තිබුණි.

 තවමත් ඉතා හොද තත්වයේ පවතින ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු මෙම ගුවන් යානය තම සේවා කාළය සහ ලීසිං කාළය සපුරා ඇති බැවින් ඉදිරි දින කීපය තුළ දී ප්‍රංශයේ එයා බස් සමාගම වෙත ගෙන ගොස් භාර දීමට නියමිතය .



Recommended Articles