බ්‍රිතාන්‍ය පාලකයන් විසින් 1912දී ශ්‍රී ලංකාව වෙනුවෙන් සකස් කළ සුරා බදු ආඥා පනත වෙනුවට නව සුරාබදු පනතක් සකස් කිරීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මේ අනුව සුරාබදු පනතට වසර 111ක් සම්පූර්ණ වී තිබේ. මෙම පනත කාලානුරූපිව සංශෝධනය කිරීමට මේ හරහා බලාපොරොත්තු වෙයි.
මේ හරහා මත්පැන් හා දුම්කොල භාවිතය, ඒ් ආශ්‍රිත ව්‍යාපාර නියාමනය කිරීම, බදු පැනවීම වෙනුවෙන් හඳුන්වාදුන් මෙම පනත් කෙටුම්පත කාලානුරූපව අවශ්‍ය සංශෝධන සහිතව ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පනත නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ඇත.