වසන්ත කරන්නාගොඩට එරෙහි නඩුව ලබන 19දා කැඳවයි


කොළඹ කොටහේන හා තදාසන්න ප‍්‍රදේශ වල තරුණයින් 11 දෙනෙකු කප්පම් ලබාගැනීම සඳහා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා අතුළු නාවික හමුදා නිලධාරීන් 14 දෙනෙකුට එරෙහි නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවීමට ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20දා) නියම කළේය.

කොරෝනා වසංගත තත්වය හේතූවෙන් පසුගිය කාලයේ කැඳවීමට නොහැකිව තිබු මෙම නඩුව ලබන පෙබරවාරි මස 19 වැනිදා කැඳවන බව නඩුවේ විත්තිකරුවන් ඇතුළු පාර්ශවකරුවන්ට දැනුම් දෙන ලෙස විනිසුරු මඩුල්ල අධිකරණයේ ලේඛාධිකාරීවරයාට නියම කළේය.

 



Recommended Articles