වවුනියාව ගෙවත්තකින් මෝටාර් උණ්ඩ තොගයක් සොයා ගනියි


වවුනියාව පුලියන්කුලම් පොලිස් බලප්‍රදේශයේ මතියමඩු ප්‍රදේශයේ වැසියෙකුගේ ගෙවත්තේ තිබූ ළිඳකින් මෝටාර් උණ්ඩ 08 ක් තිබී ඊයේ (20) දින හමු වූ බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.

නිවැසියා විසින් නැවත පදිංචි වීමෙන් පසුව ගෙවත්තේ පිහිටි ළිඳ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී ළිඳ පතුලෙන් මෙම මොටාර් උණ්ඩ මතු වීමත් සමග ඒ බව පුලියන්කුලම් පොලීසියට දැනුම් දෙන ලදි.

අනතුරු අදාල ස්ථානයට ගිය පුලියන්කුලම් පොලීසිය විසින් ළිඳ තුල පරික්ෂා කිරීමෙන් එහි තිබී මිලිමීටර් 81 වර්ගයේ මෝටාර් උණ්ඩ 08 ක් සොයාගනු ලැබීය.

යුද සමයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් මෙම මෝටාර් උණ්ඩ තොගය ළිඳතුලට දමා පලා යන්නට ඇති බවට පුලියන්කුලම් පොලීසිය සැක පල කර සිටියි.

ළඳතුල තිබූ මෝටාර් උණ්ඩ පිළිඳව වවුනියාව අධිකරණයට දැනුම් අධිකරණ නියෝගයකට අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේද සහාය ඇති නිශ්ක්‍රීය කිරීමට පියවර ගන්නා බවටද පරික්ෂණ සිදුකරන පුලියන්කුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.



Recommended Articles