වව්නියාව නගරාධිපති අත්අඩංගුවට


වව්නියාව තානායම් කළමනාකරුට පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව වව්නියාව නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

ඔහු විසින් තානායමේ සේවකයන් දෙදෙනෙකුට තර්ජනයද කර තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාසලිංගම් ගෞතම් යන අයෙක් වන අතර වව්නියාව පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



Recommended Articles