වලල්ලාවිට නිවාස 113 ස්වයං නිරෝධායනයට


වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිවාස 113 ක් , ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි  ප්‍රාදේශිය ලේකම් එම් රන්ජන් ප්‍රියශාන්ත පෙරේරා මහතා පැවසීය.

මතුගම කොළඹ  බස් රථය  සම්බන්ධ පළමු සහ දෙවන ආශ්‍රිතයන්ගේ නිවෙස් මෙසේ නිරෝධායනයට ලක් කර ඇති බවත් , ඉත්තෑපාන ,පැලවත්ත,මීගහතැන්න ,බෝගොඩකන්ද ,වෙදවත්ත,කටුදොර  යන ප්‍රදේශ වලින් හඳුනාගත් ආශ්‍රිතයින්  මෙසේ නිරෝධායනයට ලක්කර බව ද, ප්‍රාදේශී ලේකම්වරයා පැවසීය .

වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින්  දින තුනකට පෙර සිදුකල පීසීආර් පරීක්ෂණ 30 වාර්තා ද අද දින ලැබීමට නියමිතව ඇතැයි ද ප්‍රාදේශීය  ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය 

  ප්‍රේමතිලක පෙරමුණ  

                



Recommended Articles