වලංගු වීසා නොමැතිව මෙරට රැදී සිටි නයිජීරියානු කතක් අත්අඩංගුවට


වලංගු වීසා නොමැතිව ගල්කිස්ස ජය මාවතේ නිවසක රැඳී සිටි නයිජීරියානු කාන්තාවක්  ඊයේ  7 අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි .

ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගත් සැකකාරිය  වයස අවුරුදු 35ක තැනැත්තියක්  බව පොලිසිය කියයි.

සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත්  අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලිසිය පරීක්ෂණ පවත්වයි.



Recommended Articles