වලංගු විසා නොමැතිව මෙරට රැඳි සිටි විදේශිකයෙකු අත්අඩංගුවට


ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නයිජීරියානු ජාතිකයෙකි.

ඔහු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලීසිය පැවසුවේ.

 



Recommended Articles