වරෙන්තු 88 කට අවශ්‍යකර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට


අතුරුගිරිය පොලිස් වසමේ ගජබා මාවත ප්‍රදේශයේදී අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර විදේශ රටක රැකියා අවස්ථා ලබාදෙන බවට පවසා පුද්ගයිගෙන් මුදල් ලබාගෙන වංචාකර සැඟව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු‍ 56 ක් වන වාද්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුහට මෙම මුදල් වංචා කිරීම් සම්බන්ධව මොරටුව, ගාල්ල, වරකාපොල හා පානදුර යන ගරු මහෙස්ත්‍රාත් අධිකරණයන් මගින් වරෙන්තු 88 ක් නිකුත්කර තිබී ඇත. අතුරුගිරිය පොලිස් ස්ථානය මගින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.



Recommended Articles