වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර නිදහස් කිරීමට අගමැතිගෙන් නියෝ​ග


වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. අද (24) ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වී ඇති අතර එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය ලබාදී ඇත.

එලෙස නිදහස් කරන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කඩිනමින් සතොස සහ අත්‍යවශ්‍ය ආහාර ආනයනකරුවන් හරහා ජනතාව වෙත බෙදාහැරීමට ද එම සාකච්ඡාවේදී තීරණය කර ති​බේ.



Recommended Articles