වරාය අධිකාරියේ සේවක සමූපාකාර බැංකුවේ බලය ජවිපෙට


ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවට මහසභා නියෝජිතයින් 68 දෙනෙකු තෝරා ගැනීම සඳහා නාමයෝජනා භාර ගැනීම 2025 ඔක්තෝබර් 28 දින  සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් නම් කරන ලද ප්‍රධාන ඡන්ද නිළධාරී හිමාල් සංජීව රෝද්‍රීගු මහතා ඉදිරියේ සිදුවිය.
 
ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ද සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය නියෝජනය කරමින් නාමයෝජනා 68 ක් කොළඹ, ගාල්ල, ත්‍රිකුණාමලය වරාය සඳහා මෙහිදී ලබා දී ඇතත් වෙනත් කිසිදු පක්ෂයකට සම්බන්ධ වෘත්තීය සමිතියක් හෝ වෙනත් ස්වාධීන කණ්ඩායමක් නිළවරණයට තරඟ වැදීම සඳහා නාමයෝජනා භාර දී නැත.
 
ඒ අනුව ජනතා විමුකි පෙරමුණ අනුබද්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය නියෝජනය කරමින් ඉදිරිපත් කරන ලද අපේක්ෂකයින් 68 දෙනාම ඉදිරි වර්ෂ 03 ක කාලය සඳහා නිතරඟයෙන් වරාය සමුපකාර බැංකුවේ මහසභා නියෝජිතයින් ලෙස තෝරාපත් කර ගෙන ඇත. ඊට සමගාමීව අධ්‍යකෂ මණ්ඩලයේ බලය 100% ක් ජවිපෙ කණ්ඩායමට හිමිවි‍ය.
 
සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ ප්‍රධාන ලේකම් නිරෝෂන් ගොරකානගේ මහතා මාධ්‍යයට අදහස් දක්වමින් කියා සිටියේ 2010 වර්ෂවයන් පසුව පවත්වන ලද සෑම මහසභා නිළවරණයකම බලය වරාය සමුපකාර බැංකුවට නිතරඟයෙන් තහවුරු කර ගැනීමට ජවිපෙ නායකත්වය දෙන සමස්ත ලංකා වරාය පොදු වසේවක සමිතිය ඉදිරිපත් කරන ලද කණ්ඩායම සමත් වූ බවයි.



Recommended Articles