වර්ජනයේ නිරත ගුරු සංගම් සමඟ හෙට සාකච්ජාවක්


ඔන්ලයින් ඉගැන්විම් වර්ජනයේ නිරත ගුරුවරුන් හා විදුහල්පති සංගම් වල නියෝජිතයින් සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පිරිස් අතර සාකච්ජාවක් හෙට පැවැත්විමට නියමිත බව සඳහන් වෙයි.

ලංකා ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ කියා සිටියේ මෙම සාකච්ජාව මගින්ද සිය ගැටලු වලට විසදුම් නොලැබෙන්නේ නම් ලබන බ්‍රහස්පතින්දා කොලඹදි විරෝධතාවක් පැවැත්විමට සැලසුම් කර ඇති බවයි.

තම ඉල්ලිම් ඉටු නොවිම සම්බන්ධයෙන් ගුරු විදුහල්පතිවරුන් විසින් ආරම්භ කර ඇති වර්ජනයට අද ට දින 8කි.



Recommended Articles