වර්ජනය දවසේ අධිවේගයේ ආදාමය දෙකෝටිය ඉක්මවයි


මාර්ග සංවර්ධන අධිකාරියේ මුදල් අයකැමිවරුන්  ඇතුළු සියලුම සේවකයන්  රාජකාරී කටයුතුවලින් ඉවත් වු පෙරේදා (22) අධිවේගී මාර්ගයෙන් රුපියල් මිලියන 21 ක ආදායමක් ලැබී ඇතැයි  මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල් වි එස් වීරකෝන් මහතා පැවැසීය.

එකී ආදායම පෙරවරු 9 සිට රාත්‍රී 7 දක්වා බවත්  ඊට පෙර දින (21) පෙරවරු 7 සිට රාත්‍රී 7 දක්වා ආදායම මිලියන 23 ක් බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා කීය

අධිවේගී මාර්ගය පෞද්ගලිකකරණය කිරීම ඇතුළු කිහිපයක් මුල්කර ගනිමිනි මුදල් අයකැමිවරු ඇතුළු එහි සියලුම සේවකයන් පැය 12 ක කාලයක්  ලෙඩ නිවාඩු දමා  සේවයෙන් ඉවත්ව සිටි අතර ත්‍රිවිධ  හමුදා සාමාජිකයන්  අධිවේගී මාර්ගයේ ඇතුළුවන සහ පිටවන පිවිසුම් දොරටු වල සේවය සඳහා යොදා තිබිණි.



Recommended Articles