වර්ජන නිසා සේවයට නොඑන දුම්රිය සේවකයන් ගෙදර යවන්න රජයෙන් දැඩි තිරණයක්


දුම්රිය ඇතුළු පොදු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයේ නීති රීති දැඩිව ක්‍රියාත්මක  කිරීමට රජය තීරණය කර තිබේ.

මීට අදාල ගැසට් නිවේදනය සැප්තැම්බර් මස 12 වැනි දින ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් නිකුත් කරනු ලැබූ අතර එය මාසයක කාලයක් සඳහා බල පැවැත්වේ.

වැඩ වර්ජන හෝ වෙනත් කිුයාමාර්ග ගනිමින් රාජකාරියට වාර්තා නොකරන සියලුම දුම්රිය සේවකයින් අදාල ගැසට් නිවේදනයේ සඳහන් පරිදි සේවය අතහැර ගියා සේ සලකන බව රජය  නිවේදනය කරයි.



Recommended Articles