වරකාපොළින් ගාල්ලට යැවූ බ්‍රැන්ඩික්ස් සේවිකාවට කොවිඩ්


මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර නිවසට වී සිටියදී වරකාපොල පොලීසිය විසින් ගාල්ලේ නිරෝධානයට යොමුකළ සේවිකාවකට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව ඇය කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකිරීමට නියමිතය. මේ අතර ඇයව ගාල්ලට රැගෙන ගිය වරකාපොල පොලීසියේ පොලිස් නිලධාරීන් තිදෙනෙකු නිරෝධායනයට යොමු කර තිබේ.

ඇය වරකාපොළ පහලවැලිගල්ලේ පදිංචිකාරිනියක් වෙයි.

 



Recommended Articles