වරකාපොල කුඹුරක තිබී අත් බෝම්බයක් හමුවෙයි - නිෂ්ක්‍රීය කිරීමට STF


වරකාපොල, මෙනේරිපිටියේ කුඹුරක තිබි අත්බෝම්බයක් හමුව තිබේ. එම කුඹුරේ වැඩ කිරිමට පැමිණි කුඹුරු හිමියා මෙම බෝම්බය දැක තිබේ.

පසුව මේ පිළිබඳව වරකාපොල පොලිසියට දැනුම් දීමට කටයුතු කළේය. ඉන් අනතුරුව වරකාපොළ පොලීසිය මෙම බෝම්බය නිෂ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායට දැනුම් දුන්නේය.

පසුව එය නිෂ්ක්‍රීය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය රැගෙන ගියේය.

වරකාපොල රංගන රුවන්



Recommended Articles