ශ්‍රි ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කාර්යමණ්ඩලයේ පැමිණිම හා පිටවිම විධිමත් ලෙස තහවුරුකර නොගෙන ඉකුත් වර්ෂයේ දි (2024) වැටුප් හා දිමනා ලෙස රුපියල් එකසියතිස්අටකෝටි, අසුඑක්ලක්ෂ,පහළොස්දහස් හාරසියඅසුතුනක මුදලක් (1,388,115,483) වැටුප් හා දිමනා ලෙස ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
විශ්වවිද්‍යාල ආයතන සංග්‍රහයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. මේ පිළිබද වයඹ විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත්තේ ආචාර්වරයකුගේ දෛනික රාජකාරි අනුව දේශන පැවැත්විම දේශන සදහා සුදානම්විම, ඇතුළු අධ්‍යයන කටයුතු හා පරිපාලනමය රාජකාරි කටයුතු ද ඉටුකරණ ලබන බවය. මෙම රාජකාරි නිරන්තරව වසර පුරාම පුර්ණකාලිනව සිදුකළ යුතුව ඇති බවත් එය පැය අටක රාජකාරියක් නොව ඉන් ඔබ්බටද පැතිරියන බව විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත.
ලාංකිය විශ්ව විද්‍යාල පද්ධතිය තුල අධ්‍යයන කාර්යමණ්ඩල ඇගිලි සලකුණු යන්ත්‍රභාවිතා කරමින් හෝ වෙනත් ආකාරයකින් පැමිණිම පිටවිම සලකුණු නොකරණ බවද වයඹ විශ්වවිද්‍යාලයේ කළමණාකාරිත්වය විසින් විගණනයට සදහන් කොට ඇත. ශ්‍රිලංකා වයඹ විශ්වවිද්‍යාලය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරතු ඇතුළත්ව ඇත.

