වයඹ පළාතේ සියළුම උපකාරක පන්ති වසා දමයි


රට තුළ අළුතින්ම උද්ගතව පවතින කොරෝනා අවදානම සැළකිල්ලට ගෙන වයඹ පළාත තුළ ක්‍රියාත්මක සියළුම උපකාරක පන්ති අද (6) දිනයේ සිට නැවත දැනුම් දෙන තුරු සම්පූර්ණයෙන්ම නවතා දමන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ නියම කළේය.

ඒ අනුව අද (7) දින සිට වයඹ පළාතට අයත් කුරුණෑගල, කුලියාපිටිය, පුත්තලම, හලාවත, නාරම්මල ආදි ප්‍රධාන නගර ඇතුළු නගරවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ.



Recommended Articles