වප්පුර පසළොස්වක පොහොය අදයි


වප්පුර පසළොස්වක පොහොය දිනය අදට (20) යෙදී තිබේ.

තෙමසක් වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේ වස් පවාරණය කිරීමෙන් පසු චීවර මාසය ආරම්භ වීම ඇතුළු සම්බුද්ධ ශාසනයේ වැදගත් කරුණු රැසක් හේතුවෙන් වප් පොහෝ දිනය බෞද්ධයින්ට සුවිශේෂි වෙයි.

බුදුන් වහන්සේ තවුතිසා දෙව්ලොවින් දඹදිව සංකස්ස නුවරට වැඩමකර‍වීම සිදු වූයේ ද අද වැනි පොහොය දිනකය.

මේ අතර කඨින චීවර පූජාව පැවැත්වීම සම්බන්ධයෙන් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (19) නිකුත් කළේය.

පසුගිය 12 වනදා නිකුත්කරනු ලැබූ මාර්ගෝපදේශ සංශෝධනය කරමින් නිකුත් කළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව කඨින චීවරය රැගත් පෙරහර සංවිධානය කිරීමට අවසර හිමිවෙයි.

 



Recommended Articles