වඳුරු උණ රෝගීන් දෙදෙනෙක් හමුවෙයි


වදුරු උණ වැළදුන රෝගීන් දෙදෙනෙකු කොළඹ අයි.ඩී.එච්. රෝහල වෙත වෛද්‍ය ප්‍රතිකාර සදහා ඇතුළත් කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය .

ඩුබායි හි සේවය කළ සැමියාට මෙම රෝගය වැළදී සුව වී ඇති අතර පසුව ඔහු ශ්‍රී ලංකාවට පැමිණි පසුව ඔහුගේ 25 හැවිරිදි බිරිඳට සහ ඔවුන්ගේ දින ගනනාවක් වයසැති සිගිති දියණියට ද මෙම රෝගය වැළදී තිබේ .

ඔවුන් මේ සදහා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට කොළඹ රෝහලක් වෙත පැමිණ සිටියදී මෙම රෝගී තත්ත්වය අනාවරණය වී තිබේ .

එසේම මේ වනවිට ඔවුන්ගේ නිවසෙහි තවත් වැඩිහිටියන් දෙදෙනෙකු වාසය කරන අතර, ඔවුන්ට මෙම රෝගය වැළදීමේ අවදානමක් නොමැති බව ද එනිසා ඔවුන් නීරෝධායන ක්‍රියාවලිය සදහා යොමු කිරීම අවශ්‍ය නොවන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.

මෙම රෝගීන් දෙදෙනා කොළඹ අයි.ඩී.එච්. රෝහලේ 04 ඒ වාට්ටුවේ මේ වනවිට නේවාසික ප්‍රතිකාර ලබමින් පසු වන අතර , ඔවුන්ගේ තත්ත්වය යහපත් බව ද  වෙනත් අය කරා මෙම රෝගය පැතිර යාමේ අවදානමක් නොමැති බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.



Recommended Articles