වඳවී ගිය බව කියූ කලු කොටින් ශ්‍රී පාදයෙන් හමුවෙයි


ශ්‍රී ලංකාවේ වඳවී ගිය බව පැවැසෙන කලු කොටින් සජීවී කැමරාවක සටහන්ව තිබේ.

කලු කොටින් නෙතට ගැටුණු බව පැවැසූ ප්‍රදේශවල වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සවිකළ කැමරාවල මෙම කලු කොටින් සටහන්ව තිබේ.

ගැහැණු සත්වයෙකු, පිරිමි සත්වයෙකු හා තවත් පැටවුන් දෙදෙනෙකු මෙසේ කැමරාවක සටහන්ව තිබූ බවට සඳහන් වෙයි.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ කලු කොටියෙකු මන්දකට හසුවී මියගොස් සිටියදී සොයා ගැණුනු අතර එම සත්වයාගේ හම යොදාගෙන සත්වයෙකු නිර්මාණය කර ගිරිතලේ මහජන ප්‍රදර්ශනයට තබා තිබේ.

වර්ණභේද වෙනස්වීම හේතුවෙන් මෙම සතුන් නිර්මාණය වන අතර ඔවුන් සිසිල් හා අඳුරු ස්ථානවල රැඳී සිටින බව සඳහන් වෙයි.

2019  වසරේදී මෙම සතුන් මුලින්ම හමුව තිබේ. කලු කොටින් ඉතාමත් දුර්ලභ වෙයි.  



Recommended Articles