වනිඳු - චමීර ලෝක එක්දින කණ්ඩායමට


ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය 2021 වසරට අදාළ නම් ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග සහ වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර ඇතුළත්ව සිටිති.

මෙම කණ්ඩායමේ නායකයා ලෙස පාකිස්තාන නායක බාබර් අසාම් නම් කර තිබේ. ඔහු ලෝක විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙසද  නම්කර තිබේ.

වනිඳු 2021 වසරේ ලෝක විස්සයි20 ක්‍රිකට් කණ්ඩායමටත් ඇතුළත් සිටියි. 

ලෝක එක්දින කණ්ඩායම - පෝල් ස්ටර්ලින්, ජැන්නෙමන් මාලන්, බාබර් අසාම් (නායක), ෆකාර් සැමන්, රසී වෑන්ඩර්සන්, ශකීබ් අල් හසන්, මුෂ්ෆිකාර් රහීම් (කඩුලු රකින්නා), වනිඳු හසරංග, මුෂ්ටෆිසූර් රෙහෙමානව්, සිමි සිං , දුෂ්මන්ත චමීර



Recommended Articles