වන්නිලැඇත්තො අලුත් සහල් මංගල්‍යයට නොආපු හේතුව


කෘෂිකර්ම අමාත්‍යංශය, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අභියදී ඊයේ (04) දා පැවැත්වූ  45 වැනි  ජාතික  අලුත් සහල් මංගල්‍යයට සහභාගිවී  සාම්ප්‍රදායිකව  මීපැනි පූජා කිරීමට බලාපොරොත්තුවෙන් සිටියත් තම බිරිඳ හදිසියේ රෝගාතුරවීම  තමාට එම අවස්ථාවට එක්වීමට නොහැකි වූ බව ආදිවාසී නායක විශ්ව කීර්ති, වනස්පති  ඌරුවරිගේ වන්නිලැ ඇත්තෝ පැවසූහ.

කෙසේ නමුත් එම මී පැනි පූජාව සඳහා තම පුත් (ආදිවාසී නියෝජ්‍ය නායක) ඌවරිගේ ගුණබණ්ඩියල ඇත්තෝ සහභාගිකරුවූ ආදිවාසි නායකයා පැවැසීය.

“බිරිඳට වකුගඩු බද්ධ කිරීමක් සිදුකර තිබුණා. එයට විෂබීජයක් ආසාධනය වී ඇති බව වෛද්‍යවරු පවසනවා. බිරිද අසාධ්‍ය තත්වයෙන් මහනුවර මහරෝහලේ  ප්‍රතිකාර ලබනවා”

පාලිත ආරියවංශ



Recommended Articles