වන්දනා ගමනක් ගිය බස් රථය අනතුරක 57කට තුවාල, පුද්ගලයෙක් මරුට


පොතුවිල්, කෝමාරි ප්‍ර දේශයේදි අක්කරපත්තුව දෙස සිට පොතුවිල් දෙසට ධාවනය වූ වන්දනා නඩයක් රැගත් බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදුව තිබේ. අනතුරින් බස් රථයෙන් ගමන් ගත් 57 දෙනෙකු පමණ තුවාල ලබා කෝමාරි, තිරුක්කෝවිල් හා පොතුවිල් යන රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මෙහිදී බරපතල තුවාල ලබා සිටි අවුරුදු 74ක් වූ වැලිමඩ පදිංචි පුද්ගලයෙක් මිය ගොස් තිබේ. අනතුර සම්බන්ධයෙන් පොතුවිල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.



Recommended Articles