වනජීවින් වනසන කිසිවෙකුට නීතියෙ සහනයක් දෙන්නේ නෑ


සංරක්ෂණය කල යුතු වනජීවින් කිසිම විටත වනසන්නන්ට හා අනුබල දෙන්නන්ට කිසිම අවස්ථාවක නීතියෙන් ගැලවි යාමට හෝ නීතියෙන් සහනයක් ලබා දීමට ඉඩ ලබා නොදෙන බව වනජීවි  වන සම්පත්  හා පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදිගේ මහතා පැවසිය.

ඇමතිවරයා මේ බව පවසා සිටියෙ ජාත්‍යන්තර කඩොලාන දිනය නිමිති කරගනිමින් පුත්තලම දිස්ත්‍රික්කයෙ කඩොලාන වනාන්තර 8 ක් රක්ෂීත ලෙස නම් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදි  ඇමතිවරයා පවසා සිටියෙ පසුගිය දිනක මකුළුගස්වැව පොලිසියෙ නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු තවත් පිරිසක් එක්වි මුවකු මරා දැමිමේ සිද්දිය සම්බන්ධව අදහස් දක්වමිනි.

මෙහිදි ඇමතිවරයා පවසා සිටියෙ අදාල සිද්දියෙදී ජනතාව දැක්වු සහයෝගය හා කැපවිම ඉතාමත් විශිෂ්ඨ මට්ටමක තිබු බවයි.ඒ නිසාම ජනතාව ස්වේච්ජාවෙන් වන ජීවින් ආරක්ෂා කිරීමට එක්විම අගය කල යුතු බවත් එවැනි ජනතාව වෙනුවෙන් තම අමාත්‍යංශය හිස නමා ආචාර කරනු බවය.

එසේම මේ සම්බන්ධව ක්‍රියාත්මක වන පරිසරවේදින් ඇතුළු සියලු දෙනාටම ආයාචනය කරනවා රැක ගත යුතු වනජීවින් ආරක්ෂා කර ගැනිමට පෙළ ගැසෙන්න කියලා යැයි පැවසිය.

පුත්තලම කඩොලාන වනාන්තර රක්ෂීත බවට පත් කිරීමේ අවස්ථාව පුත්තලම පාලවිය කඩොලාන රක්ෂීතය ආසන්නයෙ සංවිධානය කර තිබු අතර ඒ සදහා වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව සියලු කටයුතු සංවිධානය කර තිබුනී.
මෙලෙස පුත්තලම දිස්ත්‍රික්කයෙ රක්ෂීත බවට නම් කිරීම සිදුවුයේ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් පනිරෙන්ඩාව වන සංරක්ෂණ බිට්ටුව තුළ පිහිටි 543 ඒ ගලහිටියාව,504 සී ගලහිටියාව ග්‍රාම නිළධාරී වසමේ පිහිටි පනිරේන්ඩාව,හලාවත ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ පිහිටි 577 වෙරළබඩ ,566 ග්‍රාම නිළධාරී වසමේ පිහිටි මැරවල,561 වසමේ පිහිටි කාක්කපල්ලිය ග්‍රාම නිළධාරි නිළධාරී වසමට අයත් කුසල,හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 582 කරුකුපනේ හා පුත්තලම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කඩොලාන වනාන්තර වෙයි.

මෙම අවස්ථාවට නියෝජ්‍ය පරිසර ඇමති ඇන්ටන් ජයකොඩි,පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අජීත් ගිහාන්,පරිසර අමාත්‍යංශයෙ අධ්‍යක්ෂ ජනරාල්, ඇතුළු වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් එක්ව තිබු අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් එච්.එම්.එස්.පි .චිත්‍රානන්ද ,අතිරේක දිස්ත්‍රික් ලේකම් චතුරක ජයසිංහ ඇතුළු  බෝහෝ පිරිසක් එක්ව තිබුනී. 

 



Recommended Articles