වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පාලම කුඹුර මහතා පත්කරයි


පුරප්පාඩුව පැවති, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි වන සංරක්ෂන අධ්‍යක්ෂක ජනරාල් ධුරයට වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අතිරේඛ වන සංරක්ෂක ජනරාල් (වන ආරක්ෂණ, මෙහෙයුම්, හා කළමණාකරන) ලෙස කටයුතු කරන ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.පී.එස්.සී පාලම කුඹුර මහතා වහාම ක්‍රියාත්මක වන පත්කර තිබෙි.

විෂයභාර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා, පුරප්පාඩු වු මෙම තනතුර සදහා ඩබ්ලිව්.එම්.පී.එස්.සී පාලම කුඹුර මහතාගේ නම කැබිනට් මංඩලයට යෝජනා කිරිමෙන් පසු, කැබිනට් මංඩලයේ අනුමැතිය ඒ සදහා හිමිව ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙි දීර්ඝ කාලයක් සේවය කර ඇති ඒ මහතා  ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ විශේෂ සේවයේ නිළධාරියෙකි.

වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි, වන සංරක්ෂක අධ්‍යක්ෂක ජනරාල් වරයා ලෙස කටයුතු කල ඊ.ඒ.පී. නිශාන්ත එදිරිසිංහ මහතා, විශ්‍රාම ගැනීමෙන් පසු ඇති පුරප්පාඩුව සදහා විෂයභාර ඇමතිවරයා විසින් මෙම පත්වීම සිදුකර තිබුණි.

මොණරාගල - නයනජීව බන්ඩාර



Recommended Articles