වන අලියෙකුගේ පහර කෑමෙන් SF සෙබලෙක් ජීවිතක්ෂයට


අරලගංවිල, වාලමණ්ඩිය වනාන්තර ප්‍රදේශයේ යුද හමුදා කණ්ඩායමක් පුහුණු අභ්‍යාසයක නිරතව සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව සෙබළෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ, මියගොස් ඇත්තේ මාදුරුඔය යුද හමුදා විශේෂ බළකා පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි 19 හැවිරිදි ආධුනික සෙබළෙකු බවයි.

පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු අරලගංවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අඹගස්දූව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



Recommended Articles