වන අලි ප්‍රහාරයකින් නයිගල්ආරේදී ගොවියෙක් මරුට


කුඩා ඔය පොලිස් වසමට අයත් නයිගල්ආර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් ගොවි මහතෙකු මියගොස් ඇත.මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම පදිංචි යසවර්ධනගේ නන්දදාස (69) නැමති අවිවාහක පුද්ගලයෙකි.

ඔහු වගා බිමේ සිටි නිවසට ආපසු එමින් සිටියදී වන අලියෙකු පහරදීමෙන් බරපතළ තුවාල ලබා ට්‍රැක්ටර් රථයකින් තණමල්විල ප්‍රදෙශීය රෝහලට රැගෙන යමින් සිටියදී  මිය ගොස් ඇත. කුඩාඔය පොලීසිය පරීක්ෂණ පවත්වයි.    

මොනරාගල සුමනසිරි ගුණතිලක  



Recommended Articles