වතුකරයේ කොවිඩ් මරණ 6ක්


උඩරට වතුකරයට අයත් හැටන්, බගවන්තලාව සහ මස්කෙළිය පොලිස් බල ප්‍රදේශ තුල කොවිඩ් මරණ හයක් පසුගිය දින කීපය තුලදී සිදුව ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 83 ක පිරිමි පුද්ගලයෙකු, මස්කෙළිය ප්‍රදේශයේ පදංචි වසය අවුරුදු 61 ක කාන්තාවක්, හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63 ක පිරිමි පුද්ගලයෙකු, බගවන්තලාව ප්‍රදේශයේ පදංචි වයස අවුරුදු 66 ක පිරිමි පුද්ගලයෙකු, බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 62 ක කාන්තාවක් දික්ඔය මුලික රෝහලේ හා හැටන් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72 ක පිරිමි පුද්ගලයෙකු නාවලපිටිය මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි එම නිලධාරීහු පවසති.

කොවිඩ් නිව්මෝනියා තත්ත්වය හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බවද ඔවුහු සඳහන් කරති.

ශාන් හුලංනුගේ 



Recommended Articles